Tuesday, November 29, 2016

යූඑන්පී කාරයකුගේ පාපෝචාරණය

මම පූර්ණ යූඑන්පී සපෝටර් කෙනෙක් වුනේ 2001- 2003 තිබුන යූඑන්පී ආන්ඩුව ගැන පැහැදිලා. සෘණ සංවර්ධන වේගයක් තිබුන, පැය දහයක් ලයිට් කැපුව, හමුදා යූඑන්පී කාරයකුගේ පාපෝචාරණය:

Monday, November 28, 2016

රූබිකොනය | Rubicon: The Siege of Jadotville | ජෙඩොවිල් සංග්‍රාමය

රූබිකොනය | Rubicon: The Siege of Jadotville | ජෙඩොවිල් සංග්‍රාමය: 1960 දී කොන්ගෝව බෙල්ජියමෙන් නිදහස ලබනවා. මෙය බොහොම කලබලයෙන් සහ කිසිම සැලසුමකින් තොරව ලබා දීපු නිදහසක්. හමුදා, සිවිල් සේවා පාලනය කරන්න ...

Sunday, May 3, 2015

ලිංගික සුළුතරයද මනුෂ්‍යයෝ වෙති.



මැයි දින ‍රැළි ගැන මට උනන්දුවක් නැත. පක්ෂ වල බල පුළුවන් කාරකම් පෙන්නනවා මිසක පොදු මහජනයාට ප්‍රතිලාභයක් ලැබෙන කටයුත්තක් නොවේ. 

මෙය ලියන්න හිතුනේ එක්සත් ජාතික පක්ෂයේ ‍රැළියට සහභාගී වී සිටි cross-dressers හෝ වෙනත් ලිංගික සුළුතරයකට අයත් පිරිසකගේ වීඩීයෝවක් එක්සත් ජාතික පක්ෂයට අපහාස කිරීමෙ අරමුණින් බෙදා හැරීම දු‍ටු නිසයි. එජාපයට අපහාස කිරීමට අවශ්‍ය නම් පක්ෂයේ නායකයන්ගේ වංචා දූෂණ මිනීමැරුම් මැරක්‍රියා යොදා ගැනීම සිදු කරන්න. ලිංගික සුළුතරයකට අයත් පිරිස් වල මානව ගෞරවය බිල්ලට දැමීම සිදු නොකරන්න. එළඹෙන වෙසක් පොහොය දිනයේ සියළු මනුෂ්‍ය වර්ගයා කෙරෙහි මැදිහත් සිතින් ඔවුන්ට හිමි අභිමානය ලබා දීමට උත්සහ ගන්න



තෙරුනේ නැති අයට පෝය දවසේ අහන්න බණක් පහලින්


Friday, March 6, 2015

සමන්තබද්‍ර Vs මහනායක || Lesser of two evils


මම කිසිදු භික්ෂුවගේ අනුගාමිකයෙක් නොවෙමි. විශේෂශයෙන්ම සමන්ත්‍රබද්‍ර භික්ශුවගේ අනුගාමිකයෙක් නොවෙන්නේ පර්සනැලිට් කල්ට් දු‍ටු සැනින් අප්‍රිය වන බැවිනි.

ඒත් සමන්ත්‍රබද්‍ර සහ
මහනායක හිමිවරු අතර වාදයක් පැවත්වුවොත් මහනායකලා හොම්බෙන් යන බව කියන්න ඕනෙ.

සමන්ත්‍රබද්‍රගේ රහත් බාවය කිසිවෙකුට කිරා මැන බලා තහවුරු කල නොහැක. බෞද්ධ භික්ෂුවක් තමන් රහත් බව පාරම් බෑමට නොසුදුසු වුවත් බුද්ධ සාසනය තුල එය තහනම් නැත .


සම්න්ත්‍රබද්‍රගේ මස් කෑම, හැදි ගැරප්පු බාවිතය, ටීෂර්ට් ඇදීමට කරන අභියෝග ඉතා පහසුවෙන් තර්ක කොට බිඳ දැමිය හැක.

ඒත් මහනායක වරුන් පවත්වාගෙන යන කුල වංශ සම්ප්‍රධාය එලියට ඇද්දොත් එයින් බුද්ධ සාසනයේ පදනමටම පහර වදින බව පෙන්වා වැඩි හානිය කරන්නේ මහනායක හිමිවරු බව පහසුවෙන් සාධනය කල හැක

Monday, January 5, 2015

නිශාන්ත වික්‍රමසිංහ - ශ්‍රීලංකන් ගුවන් සේවයේ සාඩම්බර නියමුවා


නිශාන්ත වික්‍රමසිංහ (ජනාධිපති ආර්යාවගේ සහෝදරයා) කියන්නේ විශිෂ්ඨ ආර්ථික ඥාණයක් තියෙන මනුස්සයෙක්........ උන්නැහේට උපාධියක් නැතුව ඇති........ අපි හිතමු ඔ ලෙවල් වත් නෑ කියල......... ඒත් ඒ මනුස්සගේ ආර්ථික දැනුම එක්ක හැප්පෙන්න අද විපක්ෂයේ ඉන්නේ කවුද..............යූඑන්පී එක කලේ රජයට අයිති රටේ ජාතික ගුවන් සේවය අරාබියේ එමිරේට්ස්ලාට විකුණපු එක.  

අපේ ගරු ජනාධිපතිතුමා ආපහු ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත "ජනසතු" කලා. රටකට ආඩම්බරයෙන් පෙන්නන්න තමන්ගෙම ගුවන් සේවයක් තියෙන්න ඕනේ. මේ රජය යටතේ අළුතින් 'මිහින් ලංකා' නමින් ගුවන් සේවයක් පටන් ගත්තේ  අඩු මුදලකට දඹදිව වන්දනාවේ යෙදෙන්න මිස සිංගපූරුවෙන්  රොලෙක්ස් ඔරලෝසු ගන්න නෙවෙයි. මේවා කරද්දී යූඑන්පී එකේ බෞද්ධ විරෝධීන්ට ගොඩක් රිදෙනවා. 

ගුවන් සේවය පාඩු ලැබුවා තමයි. ඕවා කොයි ආණ්ඩු යටතෙත් සිද්ධ වෙනවා . එහෙම පාඩු වෙන්නෙ නැති ආණ්ඩුවක් පුළුවන් නං කියන්න. මංගල සමරවීරගේ මඩ බලකාය නං කියන්නේ පහුගිය අවුරුදු පහට ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 120 ක් කියලයි. ඕවා තනිකරම මඩ. පුළුවන් නම් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරලා ඔය බොරු චෝදනා ඔප්පු කරන්න මම අභියෝග කරනවා. යූඑන්පී පණ්ඩිතයොන්ට කරන්න පුළුවන් රාජ්‍ය දේපල පෞද්ගලිකකරණය කරන්න විතරයි

විපක්ෂයේ වෛරය උතුරන මඩ ප්‍රහාර වලට මූණ දෙන්න නිශාන්ත වික්‍රමසිංහ කියන මනුස්සයට කොයි තරම් ආත්ම විශ්වාසයක්, කොයි තරම් සංයමයක්, කොයි තරම් දැනුමක්, කොයි තරම් නිර්භීත කමක් තියෙන්න ඕනද.............. කමක් නෑ ටිකක් ඉගෙනගෙන ඔය මනුස්සය ඔයිතරම් දුර ආවනම් ඉහලටම ඉගෙන ගත්තනම් මහ බැංකුවේ අධිපති වෙන්නත්  ඉඩ තිවුන.......... නොමිලේ ලැබෙන අධ්‍යාපනයෙන් ගන්න උපාධිය එක්ක මහපාරේ උද්ඝෝෂණ කරන එවුන් එක්ක ගත්තම සහතික නැති මේ උගතා අපිට නම් දාහක් වටිනවා....................


නිමල් ලන්සාගේ කුඩු බිස්නස්




ලංසා කුඩු බිස්නස් කරන්වලුනේ............... හරි කුඩු බිස්නස් කරනවා කියමුකො................... කුඩු බිස්නස් කරලා හරි ලංසා අපිට අපේ ගමේ පාරක් හදලා දුන්නනේ.......... ඔයිට කලින් එකෙක් වත් කුඩු බිස්නස් කරලා හරි ඔහොම දෙයක් කලේ නෑනෙ................

Wednesday, January 29, 2014

මානව හිමිකම් සහ දේශපාලන ක්‍රීඩාව




හිටපු ඊශ්‍රායල අගමැති ඒරියල් ෂැරෝන් පහුගිය දිනක අභාවයට පත් විය. 1953 දී ඊශ්‍රායල හමුදාව විසින් සිදු කරන ලද කුප්‍රකට කිබියා ගම්මාන සංහාරයට අණ දුන්නේ එවකට හමුදා නිළධාරියකුව සිටි ඒරියල් ෂැරෝන් බව සඳහන් වේ. ඊට අමතරව සරණාගත කඳවුරු ආශ්‍රිතව කරන ලද යුධ අපරාධද ඔහුගේ ගිණුමට බැරවී තිබේ.

ජනාධිපති ඔබාමා බලයට පත්වූ විගස වසා දමනවා යැයි කියූ ගුවන්තනමෝ බේ සිරකඳවුර ඉවත් කිරීමට මේ වනතෙක් අසමත් වී තිබේ.

ලෝකය සර්ව සාධාරණ ස්ථානයක් නොවේ. ලංකාවේ යුධ අපරාධ වලට එල්ල වන ප්‍රතිරෝධය ඒරියල් ෂැරෝන්ලාට, නේටෝ වැනි සංවිධාන වලට එල්ල වන්නේ ඉතා අවම වශයෙනි.  එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඊශ්‍රායලයට විරුද්ධව කොපමණ ක්‍රියාමාර්ග ගත්තද ඊශ්‍රායලය ඒවා සතපහකට වත් ගණන් ගන්නේ නැත. ඊට එක් හෙතුවක් නම් ඊශ්‍රායලය යනු ආර්ථික, සමාජීය සහ හමුදාම වශයෙන් ඉතා ශක්තිමත් රටක් වන බැවිනි. අනෙක් හෙතුව නම එරට වෙනුවෙන් පෙනී සිටින ඇමරිකාව බඳු බලවත් රාජ්‍යයන් තිබීමය. ඉහත වාසි දෙකම ලංකාවට නැත. දේශපාලන ක්‍රීඩාවේ හැටි එහෙමය. 

ලංකාව කල යුත්තේ පිටියේ ස්වභාවය අවබෝධ කරගෙන ක්‍රීඩා කීරීම මිස අසාධාරණ වුවත් විනිසුරුවන්ට අභියෝග කිරීම නොවේ. සිංහලෙන් බෝඩ් අල්ලගෙන තානාපති කාර්යාල වැටලීම වැනි වැඩ නිරර්ථක ක්‍රියාවන් වේ.

දේශපාලනය පසෙකින් තබා මානුෂිකව සිතුවොත් ලංකාවේ පමණක් නොව ලොව සියළු තැන සිදුවන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වලට වගකිව යුත්තෝ යුක්තිය ඉදිරියට ගෙන ආ . යුතුය. උදාහරණයක් ලෙස බාලචන්ද්‍රන් ඝාතනය සාපරාධී ක්‍රියාවකි. ඉහිරුනු කිරට හඬා පලක් නැත. දැන්  කල යුත්තේ ඩැමේජ් කන්ට්‍රෝල් කිරිමය. රටක මිලිටරිය යනු සර්ව සම්පූර්ණ ආයතනයක් නොවේ. එහිද අතපසු වීම් වැරදි සිදුවේ. මිලිටරියක් අතින් වැරදි සිදුවන විට එයට වන්දි ගෙවන්න වෙන්නේ මිනිස් ජීවත වලනි. අවම වශයෙන් බාලචන්ද්‍රන්ගේ සිද්ධියට සම්බන්ධ ක්ෂේත්‍රයේ සිටි හමුදා නිළධාරියාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි.

දෙවන ලෝක යුධ සමයේ ලෝකය අත්දු‍ටු අපරාධ නිසාම වර්තමානයෙදී මානව හිමිකම් වලට විශේෂ අවධානයක් යොමු වී තිබේ.
  
 මානව හිමිකම් යනු ද්‍රෝහින්ගේ මාතෘකාවක් නොවේ. මානව හිමිකම් ගැන කතා කරන්නේ ද්‍රෝහීන් පමණක් නම් ලොකුම ද්‍රෝහියා මහින්ද රාජපක්ෂය. මානව හිමිකම් යනු ඔබෙත් මගෙත් අභිමානය ‍රැකගෙන මෙලොව ජීවත් වීමේ අයිතියයි.

ආණ්ඩුව මානව හිමිකම් ප්‍රශ්නයේදී මුලින්ම කල වරද නම් "සීරෝ සිවිලියන් කැෂුවල්ටි" කියා ලොකු පුරසාරමක් දෙඩීමය. එහෙම යුද්ධ ලෝකයේ සිද්ධ වෙනවා නම් ඒ ඉතා අල්ප වශයෙනි. දැන් රජය කල යුත්තේ කොටි සංවිධානය නිසා තමන්ගේ ජීවිත වලට තර්ජන ඇතිවූ සමාජ කොටස් වල දුක් ගැනවිල්ල ජාත්‍යන්තරයට ගෙන යාමය. මට බලය තිබෙනවා නම් මම කරන්නේ නාසි යුධ අපරාධ කරුවකු වන අයික්මාන්ට කලා වගේ කේපීව දීර්ඝ නඩු විභාගයකට යටත් කිරීමය. විත්තිකාරයෝ ගෙන්නලා කැමරා ඉස්සරහ අඬවලා ජාත්‍යන්තරයට හොඳ ෂෝ එකක් බලන්න දෙන එකය.