Tuesday, August 8, 2017

ගේම් ඔෆ් ත්‍රෝන්ස් කොහොම ඉවර වෙයිද?


දැන් උඹලා හිතාගෙන ඉන්නේ ඩෙනෙරිස්සුයි ජෝනුයි  එකතු වෙලා ඔක්කොම සතුරෝ විනාස කරලා වයිට් වෝකර්ස්ලව මරලා උන් දෙන්නා බැදලා සදාකල් සතුටින් ජීවත් වේවි කියද? නෑ මිත්‍ර වරුනි. ඔය වගේ predictable කලු සුදු හොද නරක ඉරක් ගහලා වෙන් කරන චරිත වලට ජොර්ජ් මාටින් සීයා කැමති නෑ. ඊට වඩා වැඩේ සංකීර්ණයි. එහෙනම් කලු සුදු චරිත වලට අකමැති මාටින් සීයා තනිකරම දුෂ්ඨ චරිත වන වයිට් වෝකර්ස්ලාව නිර්මාණය කලේ ඇයි? උත්තරේ වයිට් වෝකර්ස්ලා සම්පූර්ණයෙන්ම දුෂ්ඨ චරිත නෙවෙයි. ඔවුන්ව වනාතරයේ දරුවන් විසින් නිර්මාණය කලේ ආයුධයක් විදිහට. වයිට් වෝකර්ස්ලා පණ තියන බුද්ධිමත් ජීවී කොට්ඨාසයක්. උන්ට ඔවුන්ගෙම භාෂාවක් තියනවා. වයිට් වෝකර්ස්ලා එක්ක සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් බව ක්රෑස්ටර් (දුවලා එක්ක ඩිස්ටි ඩිඩිං කරලා හම්බවෙන පිරිමි ළමයි වයිට් වෝකර්ස්ලාට බිලි දෙන පොර) පෙන්නලා දීලා තියනවා


අන්තිම වතාවේ දීර්ඝ රාත්‍රියේ (Long night) වයිට් වෝකර්ස්ලා ආක්‍රමණය කල වෙලාවෙ මිනිසුන් සහ වයිට් වෝකර්ස්ලා අතර යුද්ධය දිනලා අවසන් කරලා තියෙන්නේ ගිනි ගෙන දැවෙන අසිපතක් අතින් ගත්ත azor ahai විසින්. ඒත් ඇත්තටම එහෙමද වුනේ. මේ සිද්ධි පොත් වල ලියවිලා තියෙන්නේ අවුරුදු දහස් ගාණකට පස්සේ කට කතා වගේ මූලාශ්‍ර වලින්. azor ahai කියන්නෙ පුරා වෘත්තයක්. මුල් වතාවේ මිනිසුන් සහ වයිට් වෝකර්ස්ලා අතර යුද්ධය අවසන් වුනේ එකගතාවයකින් වෙන්න පුළුවන්. වයිට් වෝකර්ස්ලා දැන් දකුණ ආක්‍රමණය කරන්නේ ඒ එකගතාවයේ කොන්දේසි මිනිස්සු කඩ කල නිසා වෙන්න පුළුවන්.

ජෝර්ජ් මාටින් සීයා යුධ විරෝධියෙක්. ඔහු වියට්නාම යුද්ධයට සහභාගී වීම ප්‍රතික්ෂේප කල කෙනෙක්. ඊට අමතර මුළු සීරීස් එකේ රොබ්, ස්ටැනිස්, ඩැනේරිස් වගේ අවංක අදහස් තියන අය දියත් කරපු යුද්ධ අවසන් වුනේ හැමෝම දුක්ඛිත තත්වයට වැටිලා; යුද්ධය දියත් කරපු අරමුණු බිද වැටිලා තමයි ගැටුම් අවසන් වුනේ. ඉතින් මේ වතාවේ වයිට් වෝකර්ස්ලා සහ මිනිස්සු අතර ඇති වන යුද්ධයකින් සියළු ප්‍රශ්න විසදේවි කියන එක තර්කානුකූල නෑ. වයිට් වෝකර් ප්‍රශ්නය අන්තිමට විසදෙන්නේ වයිට් වෝකර්ස්ලා සහ මිනිස්සු අතර එකගතාවයකින් කියලා උපකල්පනය කරන්න පුළුවන්. මේ එකගතාවය ඇති කරන්න හොදම මිනිහෙක් ඉන්නවා. ඒ තමයි ජෝන් ස්නෝව්. ජෝන්ට එකගතා ඇති කර ගන්න පලපුරුද්ද තියනවා. වයිල්ඩ් ලින්ග් ලා එක්ක ඇති කර ගත්ත එකගතාව හොදම උදාහරණයක්.

1 comment:

  1. ඔව් මාටින් සීයා ප්‍රෙඩික්ටබිලිටි එකට නම් කැමති නැති බව පේනවා... සීයා හැබැයි පොරොන්දු වෙච්ච විදිහට හයවෙනි පොත වින්ඩ්ස් ඔෆ් වින්ටර් තාම දුන්නේ නෑ... ඊට පස්සෙත් එකක් තියනවා කියලනෙ කියන්නේ අ ඩ්‍රීම් ඔෆ් ස්ප්‍රින්ග්. මේ යකා ඊට කලින් මැරිලා යයිද දන්නෙ නෑ.

    ReplyDelete