Sunday, May 3, 2015

ලිංගික සුළුතරයද මනුෂ්‍යයෝ වෙති.



මැයි දින ‍රැළි ගැන මට උනන්දුවක් නැත. පක්ෂ වල බල පුළුවන් කාරකම් පෙන්නනවා මිසක පොදු මහජනයාට ප්‍රතිලාභයක් ලැබෙන කටයුත්තක් නොවේ. 

මෙය ලියන්න හිතුනේ එක්සත් ජාතික පක්ෂයේ ‍රැළියට සහභාගී වී සිටි cross-dressers හෝ වෙනත් ලිංගික සුළුතරයකට අයත් පිරිසකගේ වීඩීයෝවක් එක්සත් ජාතික පක්ෂයට අපහාස කිරීමෙ අරමුණින් බෙදා හැරීම දු‍ටු නිසයි. එජාපයට අපහාස කිරීමට අවශ්‍ය නම් පක්ෂයේ නායකයන්ගේ වංචා දූෂණ මිනීමැරුම් මැරක්‍රියා යොදා ගැනීම සිදු කරන්න. ලිංගික සුළුතරයකට අයත් පිරිස් වල මානව ගෞරවය බිල්ලට දැමීම සිදු නොකරන්න. එළඹෙන වෙසක් පොහොය දිනයේ සියළු මනුෂ්‍ය වර්ගයා කෙරෙහි මැදිහත් සිතින් ඔවුන්ට හිමි අභිමානය ලබා දීමට උත්සහ ගන්න



තෙරුනේ නැති අයට පෝය දවසේ අහන්න බණක් පහලින්


3 comments:

  1. තැන්ක්ස් මුදිතා/මුදිත
    මුලින්ම කියෝන පෝස්ට් එක,, වීඩියෝ ඒකට් තැන්ක්ස් අහන්න වෙන්නේ හවස පැයක් අරගෙන.. එහෙන් මෙහෙන් ඇහුවා අහන්න ඕනේ නිදහසේ

    ReplyDelete
  2. ඇත්ත.. ගහන්න ඕනනම් ගහන්න ඕන තරම් දේවල් තියෙද්දී මේවා අල්ල ගන්න එක වැරදි..

    ReplyDelete
  3. මේ වීඩියෝව වත්පොතේ බෙදා හැර තිබී මා අඩකටත් වඩා ඇසුවා. ඒ සමගම තවත් බෞද්ධ දේශණාවක් ඊයේම වත්පෙත හරහා අසන්නට ලැබුණා. එයත් ඉතා වැදගත් එකක්.

    මෙන්න මා ඒ ගැන ලියූ ලිපිය.
    http://rasikalogy.blogspot.com/2015/05/how-to-be-practicing-buddhist.html

    ReplyDelete