Sunday, May 3, 2015

ලිංගික සුළුතරයද මනුෂ්‍යයෝ වෙති.



මැයි දින ‍රැළි ගැන මට උනන්දුවක් නැත. පක්ෂ වල බල පුළුවන් කාරකම් පෙන්නනවා මිසක පොදු මහජනයාට ප්‍රතිලාභයක් ලැබෙන කටයුත්තක් නොවේ. 

මෙය ලියන්න හිතුනේ එක්සත් ජාතික පක්ෂයේ ‍රැළියට සහභාගී වී සිටි cross-dressers හෝ වෙනත් ලිංගික සුළුතරයකට අයත් පිරිසකගේ වීඩීයෝවක් එක්සත් ජාතික පක්ෂයට අපහාස කිරීමෙ අරමුණින් බෙදා හැරීම දු‍ටු නිසයි. එජාපයට අපහාස කිරීමට අවශ්‍ය නම් පක්ෂයේ නායකයන්ගේ වංචා දූෂණ මිනීමැරුම් මැරක්‍රියා යොදා ගැනීම සිදු කරන්න. ලිංගික සුළුතරයකට අයත් පිරිස් වල මානව ගෞරවය බිල්ලට දැමීම සිදු නොකරන්න. එළඹෙන වෙසක් පොහොය දිනයේ සියළු මනුෂ්‍ය වර්ගයා කෙරෙහි මැදිහත් සිතින් ඔවුන්ට හිමි අභිමානය ලබා දීමට උත්සහ ගන්න



තෙරුනේ නැති අයට පෝය දවසේ අහන්න බණක් පහලින්


Friday, March 6, 2015

සමන්තබද්‍ර Vs මහනායක || Lesser of two evils


මම කිසිදු භික්ෂුවගේ අනුගාමිකයෙක් නොවෙමි. විශේෂශයෙන්ම සමන්ත්‍රබද්‍ර භික්ශුවගේ අනුගාමිකයෙක් නොවෙන්නේ පර්සනැලිට් කල්ට් දු‍ටු සැනින් අප්‍රිය වන බැවිනි.

ඒත් සමන්ත්‍රබද්‍ර සහ
මහනායක හිමිවරු අතර වාදයක් පැවත්වුවොත් මහනායකලා හොම්බෙන් යන බව කියන්න ඕනෙ.

සමන්ත්‍රබද්‍රගේ රහත් බාවය කිසිවෙකුට කිරා මැන බලා තහවුරු කල නොහැක. බෞද්ධ භික්ෂුවක් තමන් රහත් බව පාරම් බෑමට නොසුදුසු වුවත් බුද්ධ සාසනය තුල එය තහනම් නැත .


සම්න්ත්‍රබද්‍රගේ මස් කෑම, හැදි ගැරප්පු බාවිතය, ටීෂර්ට් ඇදීමට කරන අභියෝග ඉතා පහසුවෙන් තර්ක කොට බිඳ දැමිය හැක.

ඒත් මහනායක වරුන් පවත්වාගෙන යන කුල වංශ සම්ප්‍රධාය එලියට ඇද්දොත් එයින් බුද්ධ සාසනයේ පදනමටම පහර වදින බව පෙන්වා වැඩි හානිය කරන්නේ මහනායක හිමිවරු බව පහසුවෙන් සාධනය කල හැක