Wednesday, January 29, 2014

මානව හිමිකම් සහ දේශපාලන ක්‍රීඩාව




හිටපු ඊශ්‍රායල අගමැති ඒරියල් ෂැරෝන් පහුගිය දිනක අභාවයට පත් විය. 1953 දී ඊශ්‍රායල හමුදාව විසින් සිදු කරන ලද කුප්‍රකට කිබියා ගම්මාන සංහාරයට අණ දුන්නේ එවකට හමුදා නිළධාරියකුව සිටි ඒරියල් ෂැරෝන් බව සඳහන් වේ. ඊට අමතරව සරණාගත කඳවුරු ආශ්‍රිතව කරන ලද යුධ අපරාධද ඔහුගේ ගිණුමට බැරවී තිබේ.

ජනාධිපති ඔබාමා බලයට පත්වූ විගස වසා දමනවා යැයි කියූ ගුවන්තනමෝ බේ සිරකඳවුර ඉවත් කිරීමට මේ වනතෙක් අසමත් වී තිබේ.

ලෝකය සර්ව සාධාරණ ස්ථානයක් නොවේ. ලංකාවේ යුධ අපරාධ වලට එල්ල වන ප්‍රතිරෝධය ඒරියල් ෂැරෝන්ලාට, නේටෝ වැනි සංවිධාන වලට එල්ල වන්නේ ඉතා අවම වශයෙනි.  එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඊශ්‍රායලයට විරුද්ධව කොපමණ ක්‍රියාමාර්ග ගත්තද ඊශ්‍රායලය ඒවා සතපහකට වත් ගණන් ගන්නේ නැත. ඊට එක් හෙතුවක් නම් ඊශ්‍රායලය යනු ආර්ථික, සමාජීය සහ හමුදාම වශයෙන් ඉතා ශක්තිමත් රටක් වන බැවිනි. අනෙක් හෙතුව නම එරට වෙනුවෙන් පෙනී සිටින ඇමරිකාව බඳු බලවත් රාජ්‍යයන් තිබීමය. ඉහත වාසි දෙකම ලංකාවට නැත. දේශපාලන ක්‍රීඩාවේ හැටි එහෙමය. 

ලංකාව කල යුත්තේ පිටියේ ස්වභාවය අවබෝධ කරගෙන ක්‍රීඩා කීරීම මිස අසාධාරණ වුවත් විනිසුරුවන්ට අභියෝග කිරීම නොවේ. සිංහලෙන් බෝඩ් අල්ලගෙන තානාපති කාර්යාල වැටලීම වැනි වැඩ නිරර්ථක ක්‍රියාවන් වේ.

දේශපාලනය පසෙකින් තබා මානුෂිකව සිතුවොත් ලංකාවේ පමණක් නොව ලොව සියළු තැන සිදුවන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වලට වගකිව යුත්තෝ යුක්තිය ඉදිරියට ගෙන ආ . යුතුය. උදාහරණයක් ලෙස බාලචන්ද්‍රන් ඝාතනය සාපරාධී ක්‍රියාවකි. ඉහිරුනු කිරට හඬා පලක් නැත. දැන්  කල යුත්තේ ඩැමේජ් කන්ට්‍රෝල් කිරිමය. රටක මිලිටරිය යනු සර්ව සම්පූර්ණ ආයතනයක් නොවේ. එහිද අතපසු වීම් වැරදි සිදුවේ. මිලිටරියක් අතින් වැරදි සිදුවන විට එයට වන්දි ගෙවන්න වෙන්නේ මිනිස් ජීවත වලනි. අවම වශයෙන් බාලචන්ද්‍රන්ගේ සිද්ධියට සම්බන්ධ ක්ෂේත්‍රයේ සිටි හමුදා නිළධාරියාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි.

දෙවන ලෝක යුධ සමයේ ලෝකය අත්දු‍ටු අපරාධ නිසාම වර්තමානයෙදී මානව හිමිකම් වලට විශේෂ අවධානයක් යොමු වී තිබේ.
  
 මානව හිමිකම් යනු ද්‍රෝහින්ගේ මාතෘකාවක් නොවේ. මානව හිමිකම් ගැන කතා කරන්නේ ද්‍රෝහීන් පමණක් නම් ලොකුම ද්‍රෝහියා මහින්ද රාජපක්ෂය. මානව හිමිකම් යනු ඔබෙත් මගෙත් අභිමානය ‍රැකගෙන මෙලොව ජීවත් වීමේ අයිතියයි.

ආණ්ඩුව මානව හිමිකම් ප්‍රශ්නයේදී මුලින්ම කල වරද නම් "සීරෝ සිවිලියන් කැෂුවල්ටි" කියා ලොකු පුරසාරමක් දෙඩීමය. එහෙම යුද්ධ ලෝකයේ සිද්ධ වෙනවා නම් ඒ ඉතා අල්ප වශයෙනි. දැන් රජය කල යුත්තේ කොටි සංවිධානය නිසා තමන්ගේ ජීවිත වලට තර්ජන ඇතිවූ සමාජ කොටස් වල දුක් ගැනවිල්ල ජාත්‍යන්තරයට ගෙන යාමය. මට බලය තිබෙනවා නම් මම කරන්නේ නාසි යුධ අපරාධ කරුවකු වන අයික්මාන්ට කලා වගේ කේපීව දීර්ඝ නඩු විභාගයකට යටත් කිරීමය. විත්තිකාරයෝ ගෙන්නලා කැමරා ඉස්සරහ අඬවලා ජාත්‍යන්තරයට හොඳ ෂෝ එකක් බලන්න දෙන එකය.

18 comments:

  1. kp ව හිරේ දැම්මොත් එතකොට නැව් ,රත්තරන් , යුරෝපයේඇමරිකාවේ,කැනඩාවේ, බැංකු වල තියෙන සල්ලි , කුඩු බිස්නස් එක ,human smagling ,කරන්නේ ඕමල්පේ සොබිත එක්කද ?.

    ReplyDelete
    Replies
    1. ඒවා කරන්න කැබිනට් එක තියෙන්නේ

      Delete
  2. මානව හිමිකම් අපි එයාට කියල නොදුන්නට ඒවා ගැන හොදටම දන්නා පුතයෙක් නොවැ.
    කලක් කදුළු සල,සල කිලෝ ගණන් ෆොටෝත් අරන් ජිනීවා බඩ ගෑව පියා නොවැ.

    ReplyDelete
    Replies
    1. උත්ප්‍රාසය තමයි ඕකට කියන වචනේ

      Delete
    2. උඹේ ලිපි කෙටියි ගත යුතු දේ ගොඩයි ....දිගටම ලියහන්...

      Delete
  3. ඔය ගැන කතා කොරන්න ගිහින් මට වටකරලා ගැහුවා කාළයක්. සාධාරන යුක්ති ධර්මය අනුව නම් විය යුත්තේ ඔබ කියනා දේ මිස ආන්ඩුව කියනා දේ නොවේ..

    ReplyDelete
    Replies
    1. මානව හිමිකම් ගැන කතා කරන්නේ ද්‍රෝහින් බව සමාජගත වීමේ වැරද්ද

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඈයි මේක ලන්කාවෙසමාජයත් එක්ක බලන්නෙ නෑත්තෙ? ලන්කාවෙත් ලොක්කො කරන හෑම වෑරෑද්දම සොක්කන්ට කරන්න බෑහෑ. එහෙම කරල ලොක්කොත් කරා කියල පොලීසියෙන් ගෑලවෙන්නත් බෑ. ලොක්කෙක් එක්ක හොදින් හිටියොත් හරි ලොක්කෙකුට ප්‍රයෝජනවත් නම් යම් තරමකට බේරුනහෑකි. ඒ යතාර්තය ලන්කාවෙදි හොදට තේරෙන උන් ලෝකෙ ලොක්කො කරන ඔක්කොම ලන්කාවටත් එහෙමම කරන්න පුලුවන් කියනවා.
    ලන්කා දේශපාලන අතිශයෝක්ති සහ අමු බොරු වගේ ලෝකෙටත් zero casualties මෝඩ බොරුව කියන්නෙ නෑතුව civilian casualties නෑති කිසිම යුද්දයක් කරන්න බෑ, එහෙම වුන ඒව හොයල බලල ක්‍රියාකරනවා කියල ඒ කාලෙම කිව්වනම් මේතරම් දෑන් අමාරු වෙන්නෙ නෑ.
    බලය අඩු අය ක්‍රියා කරන්න ඕනෑ මොලෙන්.

    ඒ කොහොම වෙතත් විදුලි පුටු අවදානම්, අදිරාජ්යවාදී කුමන්ත්‍රණ සහ දේශීය ද්‍රෝහීන් කොයි තරම් වටිනවද බලයේ සිටින ඕනෑ කෙනෙකුට බලය රෑකගන්න.

    ReplyDelete
    Replies
    1. සීරෝ කැෂුවල්ටි තමයි ලොකුම බොරුව

      Delete
  6. මෙවර සන්ධානයේ චන්ද ලකුණ බොහෝවිට' විදුලි පුටුව' වියහැක

    ReplyDelete
    Replies
    1. ජනයා තුල බිය ඇති කිරීම අධිපතිවාදී පාලනයක ලක්ෂණයකි

      Delete
    2. මුදිත වර්තමාන පාලකයන්ට සැමවිටම තර්ජනයක් මවා පෙන්නීමට අවශ්‍ය වේ .මෙය බාහිර හෝ අභ්‍යන්තර තර්ජනයක් වියහැක . 2005 දී අපව කොටි සංවිධානයෙන් බේරාගැනීමට මෙම පිරිස චන්දය ඉල්ලු අතර ,චන්දයට පෙර කොටි සන්විධානයට කොටි ගණන් පගාවද ලබාදුනි . නමුත් එවකට සිටි හමුදාපති වරයාට එල්ලකරනලද මරාගෙන මැරෙන ප්‍රහාරය අසාර්ථකවී ඔහු තම පලිය ප්‍රභාකරන් ගෙන් ගැනීම නිසා කොටි සංවිධානය විනාශවිය . නොඑසේනම් ඔහු පාලනය හමුදාවට පවරා ගැනීමට කරනලද තර්ජනය කරනලදී .මෙම කරුණා දන්නේ ඉතා සුළු පිරිසකි . කොටි සන්විධානයට ද දකුණේ සිංහල අදිපති වාධි පාලනයක් පැවතීම අනිවාර්ය සාධකයකි මන්ද දෙමළ ජනතාවට පෙන්වීමට සතුරෙකු අනිවාර්ය බැවිනි .දැන් කොටිසන්විධානය නොමැති බැවින් හලාල් ,කතෝලික ආගම , අභ්‍යන්තර සතුරන් ලෙසත් ,තමන්ගේ දූ දරුවන් ඉගෙනගන්නා ,නිත්‍ය වාසයකරන ,තමන්ටද පුරවැසි බවය හිමි තමන්ගේ සියලු රහස් ගිණුම් ඇති රටවල් භාහිර තර්ජන ලෙස මවා පෙන්වන අතර මෙම මවාපාන සතුරන් ගෙන් අපව බේරා ගැනීමට තමන්ව බලයට පත් කරන ලෙස ඉල්ලසිටි . ඇත්ත වශ්‍යෙන්ම එසේ බටහිර රටවල් අපව යටත් කරගන්නවනම් මා පොද්ගලිකව ඉතා කැමතිය මන්ද අවම වශයෙන් සාධාරණ අධිකරණ පද්දතියක් හෝ ලැබෙන බැවිනි

      Delete
  7. 'මානව හිමිකම් යනු ඔබෙත් මගෙත් අභිමානය ‍රැකගෙන මෙලොව ජීවත් වීමේ අයිතියයි'

    thumbs up!!

    ReplyDelete
  8. 'මානව හිමිකම්', 'රාජ්‍ය නොවන සංවිධාන' වැනි වචන වලට පාලකයන් සූක්ෂම ලෙස ද්‍රෝහී ලේබලය අලවලා තියනවා. ඇත්ත.. ලෝක දේශපාලනයේදි මානව හිමිකම් කියන්නේ එක්තරා ප්‍රයෝගයක්, එහෙමත් නැත්නම් බලය පෙන්වීමේ මෙවලමක් වෙන අවස්ථා තියනවා. නමුත් දේශපාලන බලය කියන එක කාලෙන් කාලෙට වෙනස්වීමත් සමග 'මානව හිමිකම්' කැඩීම කියන වරද සදාකාලිකව මගහැරයන්න බැරි බව ඉතිහාසය පෙන්වලා දීලා තියනවා. සමහර විට එය අදාල පුද්ගලයන්ට පෞද්ගලිකව විඳින්න සිදුවුණු දඬුවමක් නොවෙන්නේ පුළුවන්. නමුත් ලෝකයේ මානව හිමිකම් කඩවීම් හඳුනාගැනීම සහ පිළියම් යෙදීම කියන ක්‍රියාවලිය නොනවතින දෙයක්. ලංකාවට බලවත් රටවල් ආධාර කලත් නොකලත්, මේ ප්‍රශ්නයට කවදා හෝ මුහුණ දෙන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. කාගෙන් ගැලවුනත් තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බෑ. උඩින්ම සදහන් කරපු ඒරියල් ෂැරෝන් වුනත් ජිවිතේ අන්තිම කාලෙදි තමන්ගේ ක්‍රියා වල අයහපත් බලපෑම අඩු කරන්න උත්සහ ගත්තා

      Delete
  9. ///ලංකාව කල යුත්තේ පිටියේ ස්වභාවය අවබෝධ කරගෙන ක්‍රීඩා කීරීම මිස අසාධාරණ වුවත් විනිසුරුවන්ට අභියෝග කිරීම නොවේ. සිංහලෙන් බෝඩ් අල්ලගෙන තානාපති කාර්යාල වැටලීම වැනි වැඩ නිරර්ථක ක්‍රියාවන් වේ./////

    කවදා තේරුම් ගනියිද.....ඉතිහාසය වලදාන්න බැහැ. එය මොහොතකට යටපත් කරත හැකියි. මෑතක දුටු උදාහරණයක් තමයි කෙන්යාවේ දැනටත් ජීවත්වන හිටපු මාවු මාවු කැරලිකරුවන් (ඔවුන් දැන් බොහෝ වියපත් )බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව ගත් නීත්‍යානුකූල ක්‍රියා මාර්ගය. බ්‍රිතාන්‍ය අධිකරනය විසින්, එම මාවු මාවු වරුන්ට වන්දි ඉල්ලා සිටීමට අයිතියක් ඇතැයි තීන්දු කලා. මතක තබා ගත යුතුයි මේ වසර 50-60 කාලයක් වලලා දමන්නට හැදූ ඉතිහාසයක් බව.

    ReplyDelete
  10. සහෝ, කඩේ වැහුවද? ලියන්න දෙයක් නෑ කියල හිතුනද? ලියල වැඩක් නෑ කියල හිතුනද?

    ReplyDelete