Tuesday, January 28, 2014

පත්තර කියවන්නේ කව්ද || Who reads the papers?



ජුනි මාසේ කතන්දරකාරයාගේ පොස්ට් එකක කියලා තිබුනා පත්තර වල ලියවෙන්නේ පත්තරේ අයිතිකාරයාට ඕන දේවල් බව. ඒක කියවද්දි මට මතක් වුනේ පත්තර කියවන්නේ කවුද කියලා යස් මිනිස්ටර් (Yes Minister) කතා මාලාවේ අගමැතිතුමා, අගමැති ලේකම් සහ ඔහුගේ පෞද්ගලික ලේකම් අතර ඇතිවන සංවාදයක්

අගමැති : පත්තර ගැන මට කියන්න එන්න එපා. ඔය පත්තර කියවන්නේ කවුද කියලා මම හරියටම දන්නවා

ඩෙලි මිරර් කියවන්නේ තමන් රට පාලනය කරන බව හිතන් ඉන්න කට්ටිය

ගාර්ඩියන් කියවන්නේ රට පාලනය කල යුත්තේ තමන් බව හිතන කට්ටිය

ටයිම්ස් පත්තරේ කියවන්නේ ඇත්තටම රට පාලනය කරන කට්ටිය
ඩෙලිමේල් කියවන්නේ ආණ්ඩු කරන අයගේ නෝනලා

ෆයනෑන්ෂල් ටයිම්ස් කියවන්නේ රට අයිති කරන් ඉන්න කට්ටිය

මොර්නින්ග් ස්ටාර් කියවන්නේ රට, වෙනත් රටක් විසින් පාලනය කල යුතුයි හිතන කියලා කට්ටිය

ඩේලි ටෙලිග්‍රාෆ්  කියවන අය හිතන් ඉන්නේ ඇත්තටම රට පාලනය කරන්නේ වෙන රටක් බව.


අගමැති ලේකම්: එතකොට අගමැතිතුමා සන් පත්තරේ කියවන්නේ කවුද?

(පෞද්ගලික ලේකම් බාධා කරයි)

පෞද්ගලික ලේකම් කවුරු රට පාලනය කලත් සන් පත්තරේ කියවන අයට වැඩක් නෑ. ඒ ගොල්ලන්ට වැදගත් වෙන්නේ තුන්වෙනි පි‍ටුවේ ඉන්න කෙල්ලගේ පියයුරු ලොකුද කියන එක විතරයි





එංගලන්තේ පත්තර සහ ලංකාවේ මාධ්‍ය අතර වැඩි වෙනසක් නැත .

ලංකාදීප, දිනමිණ, දිවයින, සී නිවුස්, ඊ නිව්ස්, The Nation, Colombo Telegraph වැනි මාධ්‍ය කියවන අය  ඉහත තමන් කැමති කැටගරියකට දා ගත හැක

11 comments:

  1. ඔය 70 දශකයේ එංගලන්තයේ තිබුණු විසංවාදී පුවත්පත් කලාව අද කීයටවත් ලංකාවේ තියේද?

    දැන්තියෙන පත්තරවලින් 80% ක් ම රට අයිතිකාරයින්ට ඕනෑ දේවල් ලියවෙන ඒවා නේද?

    ReplyDelete
    Replies
    1. පත්තර අයිතිකාරයොන්ට අවශ්‍ය දේ ලියවුනාට කියවන අයෙගේ මානසිකත්වය උඩ කැටගරි වලට අයිති බව තමයි මගේ හැඟීම

      Delete
  2. අපේ රටේ සමහර ජන්ද දායකයොත් සන් පත්තරේ පාඨකයන් වැනිය ඔවුන්ට කවුරු රට පාලනය වැඩක් නෑ. ඒ ගොල්ලන්ට වැදගත් වෙන්නේ ජන්ද අපේක්ෂ්කයන්ගේ පියයුරු ලොකුද කියන එක විතරයි

    ReplyDelete
    Replies
    1. ඇයි කොච්චර කුඩු, එතනොල් ගෙන්වන්න පුළුවන්ද කියලත් සමහරු හොයනවා

      Delete
  3. එහෙත් එහෙමද....? මෙහෙත් එහෙමනේ....

    පොඩි උපදෙසක්... - එන රසිකයින් ටික හරි රඳවගන්න. කොමෙන්ට්ස් වලට පොඩි රිප්ලයි එකක් හරි දාන්න.. අපිට ඒක අදාල නොවුනට.. ගොඩක් දෙනෙක් ඒ දේ බලාපොරොත්තු වෙනවා.. කතන්දර අදටත් කොමෙන්ට්ස් 100 ක් ආවත් බොහෝ වෙලාවට උත්තර දෙන්නේ ඒකයි. ඒකයි ඔහුගේ සාර්ථකත්වය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උපදෙස් වලට සහ ප්‍රචාරයට

      Delete
  4. ඔබගේ ප්‍රියතම ඇඳුම සරම කියලා හිතන්න. දවසක ආණ්ඩුව කියනවා සියලුම පිරිමි සරම් ඇඳිය යුතුයි කියලා. ඔබට මොකද හිතෙන්නේ?

    තම කැමැත්තෙන් සරම ඇඳීම සහ ආණ්ඩුවේ ඕනෑ කමට සරම ඇඳීම වෙනස්....

    ReplyDelete
  5. බලාගෙන යද්දී එහෙයි මෙහෙයි කියලා වැඩි වෙනසක් නැති පාටයි..

    ReplyDelete
  6. ඔය කෑල්ල Yes Prime Minister එකෙන් නේ? Sequel to "Yes Minister"

    ReplyDelete
    Replies
    1. ඔව් මම වැඩිය ප්‍රසිද්ධ නම දැම්මේ. ඕක සමහර තැන්වල Prime කෑල්ල වරහන් ඇතුලේ තියෙන්නේ

      Yes (Prime) Minister

      Delete
  7. පත්තර කියවන්නේ කව්ද යන්න නොව ප්‍රශ්ණය වන්නේ හෙට ප්‍රධාන සිරස්තලය දැමීමට නියෝග කරන්නේ කව්රුද යන්න වේ

    ReplyDelete